Sunday, May 05, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

අලුත්ගම ගැටුම්වලින් සිදු වූ හානියේ ඡායාරූප

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140616_aluthgama_attacks_gallery.shtml

 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 16 සඳුදා - 17:32 GMT

 

 

කොළඹ ආරක්ෂාව තර කරනවා - පොලිසිය

 

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 22 ඉරිදා - 17:01 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140622_police_amal.shtml

Windows player යොදාගෙන වාදනය කරන්න

පසුගිය සෙනසුරාදා මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලක් ගිනිබත් කිරීමට විරෝධය පළකරමින් ලබන සඳුදා දිනයේ මුස්ලිම් කණ්ඩායම් කිහිපයක් එක්ව හර්තාලයක් සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අගනුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

“සඳුදා හර්තාලයක් පවත්වන බවට තොරතුරැ ලැබිලා තියෙනවා, කලබලයක් ඇතිවීම වැලක්වීමට අවශ්‍ය පියවර අපි අරගෙන යනවා. ආරක්ෂාව තර කර තිබෙනවා,” යැයි ඔහු පැවසීය.

පොලිස් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ බෞද්ධ අන්තවාදීන් පාලනය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් වගකීම පොලීසිය භාරගත යුතු බව සියලු ජනමාධ්‍යය එක්සත්ව කියා සිටීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

"එක පුද්ගලයෙකුට පමණක් වරද පැටවීම වැරදියි. මීට කරුණු ගණනාවක් බලපාලා තිබෙනවා"

අළුත්ගම දී මුස්ලිම් වැසියන්ට එල්ල කෙරුණ ප්‍රහාරයෙන් හතර දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අසූවකට වැඩි පිරිසක් තුවාල ලද අතර විනාශ වූ නිවාස සහ වෙළඳසැල් ගණන සියයකට වැඩිය.

පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අපොහොසත් වූ හෙයින් පොලිස්පති එන් කේ ඉලංගකෝන් ධුරයෙන් අස්විය යුතු බව ජනමාධ්‍ය කියා සිටියි.

'පොලිස්පති අස් විය යුතුයි'

 

පොලිස්පති අස් විය යුතු බවයි The Nation පුවත් පත සිය කතුවැකිය මුල් පිටුවේ පල කරමින් ඉල්ලා සිටින්නේ.

ජනමාධ්‍ය එල්ල කරන චෝදනාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රතික්ෂේප කළේය.

“එක පුද්ගලයෙකුට පමණක් වරද පැටවීම වැරදියි. මීට කරුණු ගණනාවක් බලපාලා තිබෙනවා” යැයි ඔහු කියා සිටි බවයි ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ බීබීසී සංදේශයට පැවසුවේ.

අළුත්ගම කලබල වලට වගකිව යුතු අන්තවාදී බොදු බල සේනා සංවිධානයේ කටයුතු පාලනය කිරීමට අපොහොසත් වීමත් ජනමාධ්‍යයේ විවේචනයට ලක් විය.

ලංකාවේ බෞද්ධ ජනතාව බහුතරයක් භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් දරන අන්තවාදී මත වලට සහාය නොදක්වන බව කියා සිටින ලංකාවේ පුවත්පත් අර්බුදය තව දුරටත් ඔඩු දුවා යාමට පෙර එය පාලනය කල යුතු යැයි සඳහන් කරන බවයි අමල් ජයසිංහ පවසන්නේ.

 

අලුත්ගම ගැටුම: පොලිස් ප්‍රධානීන් අතර ගැටුමක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 22 ඉරිදා - 18:16 GMT
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140622_police_aluthgama_suspects.shtml

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පසුගිය ඉරිදා අලුත්ගමදී හටගත් ගැටුම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනකු දේශපාලන බලපෑම් මත පොලිසිය විසින් වහාම නිදහස් කරන ලද බව පොලිස් ආරංචි මාර්ග බීබීසී සංදේශයට පැවසීය.

බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසකගේ බලපෑම් මත මෙම සැකකරුවන් පිරිස නිදහස් කරන මෙන් කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් ට නියෝග කරන ලද බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්නට චෝදනා එල්ල වී තිබේ.

එම නියෝගය තරයේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අලුත්ගම සහ බේරුවල පොලිස් වසම් භාරව කටයුතු කිරීමෙන් ඉවත් කොට ඇති බවත්, ගාමිණී නවරත්න නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔහුට එරෙහිව පොලිස්පතිවරයාට චෝදනා පත්‍රයක් භාර දී ඇති බවත් ජනමාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරවලින් දහස් ගණනක පිරිසකට උන් හිටි තැන් අහිමි විය

එහෙත් එම චෝදනා සියල්ල සත්‍යයෙන් තොර බව නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සංදේශයට පැවසීය.

'මේ දක්වා චෝදනා පත්‍රයක් නෑ'

"අත් අඩංගුවේ සිටින සැකකරුවන් නිදහස් කිරීම පොලිස් ස්ථානාධිපතිගේ අභිමතය පරිදි හෝ අධිකරණය මගින් සිදුවිය යුතු බවට නීතියේ සඳහන් වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හැකියාවක් නෑ එවැනි නිදහස් කිරීමක් කරන්න," යන්නයි සංදේශය මතු කළ ප්‍රශ්නයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරය වූයේ.

පසුගිය සඳුදා අගමැතිවරයාගේ නායකත්වයෙන් කළුතරදී රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ එහි පැමිණි භික්ෂුන් වහන්සේ පිරිසක් අදාළ සැකකරුවන් පිරිස නිදහස් නොකරන්නේ නම් යලි උද්ඝෝෂණ දියත් කරන බවට තර්ජනය කරන ලද බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

"මෙතනදි සාධාරණ සැකයක් මතුවෙනවා කළුතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අතින් යම්කිසි රාජකාරී පැහැර හැරීමක් සිදුවෙලා ඔහු ඒක වහ ගන්න මෙවැනි කතා පතුරනවද කියල"

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න

ඉන් අනතුරුව සැකකරුවන් නිදහස් කරන මෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්නට නියෝග කොට ඇති බවත් එම වාර්තාවල සඳහන්.

"එසේ කරන්නේ නම් එය ලිඛිතව සිදුකළ යුතුයි. මම එවැනි නියෝග කිරීමක් කිසිවිට සිදුකර නෑ. මට එහෙම නිදහස් කරන්න කියල කිසිම දේශපාලනඥයෙක් අණ කරලත් නෑ," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න සංදේශයට පැවසීය.

ජුනි 15 වෙනිදා සහ 16 වෙනිදා සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වීමට නොහැකිවීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් තමන්ගෙන් සිදුවූ වරද වසා ගැනීම සඳහා මෙවැනි කතාවක් ප්‍රබන්ධ කිරීමට පෙළඹිය හැකි බවද ඔහු පැවසීය.

"මෙතනදි සාධාරණ සැකයක් මතුවෙනවා කළුතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන් අතින් යම්කිසි රාජකාරී පැහැර හැරීමක් සිදුවෙලා ඔහු ඒක වහ ගන්න මෙවැනි කතා පතුරනවද කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.

එසේනම් ඉන්ද්‍රන් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ තිබූ බේරුවල සහ අලුත්ගම ප්‍රදේශ ඔහුගෙන් ඉවත්කරන ලද්දේ කවර හේතුවක් නිසාදැයි ප්‍රශ්න කළ විට ගාමිණී නවරත්න සඳහන් කළේ එය තමාගේ විෂයයෙන් පරිබාහිර කරුණක් බවයි.

නියෝජ්‍ය පොලිස්පති ඉන්ද්‍රන්ට එරෙහිව විනය පරීක්ෂණයක් නිර්දේශ කරමින් චෝදනා පත්‍රයක් නිකුත් කළේදැයි විමසූ අවස්ථාවේ එවැන්නක් 'මේ දක්වා' සිදුවී නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මේ පිළිබඳව කරුණු විමසීම පිණිස නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන් සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

   

යාපනයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 21 සෙනසුරාදා - 18:17 GMT
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140621_mosque_jaffna.shtml

ප්‍රහාරයට ලක් වූ යාපනය පල්ලිය

යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඊයේ සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි.

යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කළේය.

කුඩා පල්ලියක් වන එහි වීදුරු කැඩී බිඳී ගොස් ඇති බව පැවසූ අස්මින් අයුබ් මවුලවිවරයා,ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව පැවසුවේය.

පොලීසිය සහ හමුදාව එම පළාතේ සිටින නිසා ආරක්ෂක අංශ වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව අස්මින් අයුබ් මවුලවි විශ්වාශය පල කළේය.

ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් පල්ලියට සහ ඒ අවට ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වවුනියාවේ සංදේශය වාර්තාකරු දිනසේන රතුගමගේ ප්‍රකාශ කළේ.

වැඩි තොරතුරු සඳහා

 

තිසරණ යනු බුද්ධ, ධම්ම, සංඝ නම් ‘අබ සරණ’ යනු කුමක්ද? – ඤාණසාර හිමිගේ විග‍්‍රහය මෙන්න

User Rating: / 1
PoorBest 

June 23, 2014 at 12:01 am | lanka C news

පසුගියදා අලූත්ගම පැවති බොදු රැළියේදී ‘බේරුවල සිට අලූත්ගම දක්වා ඇති කඩවලට අබසරණයි’ යනුවෙන් කල ප‍්‍රකාශයේදී තමන් වහන්සේ අබසරණ යනුවෙන් අදහස් කලේ කුමක්දැයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ විග‍්‍රහ කරති.

සති අන්ත ලංකාදීප පුවත්පත හා සාකච්චාවකට එක් වෙමින් උන් වහන්සේ පවසන්නේ මෙසේය.

‘අබ සරණයි කියලා මං කිවුවෙ ගහන්න කියලා නෙමෙයි. වර්ජනය කරන්න කියලයි. එහෙනම් මට කියන්න තිබුණනේ ගහපියවු.. පොඩි කරපියවු.. කියලා. මම එහෙම භාවිතාවක් කවදාවත් පෙන්වලා නෑ. ඒ මගේ සිංහල වචන. ඒ මම හැසිරෙන විදිහ’

ඤාණසාර හිමි මේ සම්බන්ධයෙන් බීබීසීය හා දැක්වූ අදහස්

 

http://lankacnews.com/sinhala/main-news/117834/

   

Page 173 of 213

Login Form