Friday, April 26, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

SL briefs UNHRC on Aluthgama violence

User Rating: / 1
PoorBest 
Sri Lanka on Friday briefed the UN Human Rights Council (UNHRC) of the measures that have been implemented by the government to prevent further deterioration of the situation and to bring back normalcy to the areas affected by the communal violence in the Aluthgama area.
Deputy Permanent Representative to the United Nations in Geneva, Ms. Manisha Gunasekera exercising a Right of Reply in response to references made by Germany, Norway and Canada during the General Debate referred to the investigations initiated by the CID and the Colombo Crimes Division (CCD) as well as the visits of the President and Prime Minister to the affected areas among the steps that have already been implemented by the government to tackle the situation that developed in Aluthgama and Beruwala on Sunday.
Upon describing the events that led to the violence, which erupted in Aluthgama and Beruwala on Sunday, Ms. Gunasekera said during meeting between the President and religious and community leaders on June 18, both Muslim and Buddhist leaders have agreed to undertake and support programs to promote inter-religious harmony.
Speaking further, she informed the Council, “The Government does not condone any acts of violence against any religious or ethnic community. In all instances where credible information relating to incidents has been available, the Government has taken appropriate action,” while adding the government remains deeply committed to protecting the lives of all its citizens, places of worship and property."
The 26th sessions of the UNHRC is currently underway in Geneva and is due to continue until June 27.  (Lakna Paranamanna)
http://www.dailymirror.lk/news/48704-sl-briefs-unhrc-on-aluthgama-violence.html
 

බොදු බල සේනා සංවිධානය ‘තහනම් කළ යුතුයි’

User Rating: / 1
PoorBest 

June 21, 2014 at 4:06 am | lanka C news

අලුත්ගම හා බේරුවල සිද්ධියට ඍජුවම වග කිව යුත්තේ බොදු බල සේනා සංවිධානය බවට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම චෝදනා කරයි.
කළුතර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර කිසිදු ප්‍රශ්නයක් නැති බව පවසන තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා, අලුත්ගම දී සහ බේරුවල දී සිදු වූයේ බොදු බල සේනාවේ මැරයන් අහිංසක මුස්ලිම් ජනතාවට කළ අමානුෂික පහර දීමක් පමණක් බව කියා සිටියේය.

“ගැහුවේ සිංහල කට්ටිය නෙමෙයි, අර ගලබොඩ අත්තේ ඥානසාර කියන ලෙඩාගේ ආගමේ කට්ටිය. මේ අය බෞද්ධ හෝ සිංහල අය නෙමෙයි. මේ ගොල්ලෝ හින්ද අපට ලැජ්ජා වෙන්න වෙලා තියෙනවා, අපි සිංහලයෝ හැටියට මෙතන වස බොන්න ඕනේ,”යනුවෙන්ද ඔහු පැවසීය.

“මන්ත්‍රීවරු හැටියට අපි අස් වෙන්න ඕන. මේ යුද්ධය ඉවර කරපු ජනාධිපතිතුමාට බැරි උනා මේ කිලෝ මීටර් දෙක තුනේ ඉන්න ජනතාව බේර ගන්න.”

බෞද්ධ භික්ෂූන් වහන්සේ රැගත් වාහන පෙළකට මුස්ලිම් පල්ලියක් දෙසින් එල්ල වූ ගල් ප්‍රහාරයකින් අනතුරුව ගැටුම් ආරම්භ වූ බවට ආණ්ඩුව ප්‍රකාශ කරන නිසා, මෙම සිද්ධියට බොදු බල සේනා සංවිධානය සේම එම ප්‍රහාරය එල්ල කළ පිරිසත් වගකිව යුතු නොවේදැයි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා,

“රැස්වීමට ආපු කොල්ලෝ ඉස්කෝල බෑග් කරේ දා ගෙන ඒවායේ ගල් දා ගෙන ගියේ. පල්ලියට ඒවගෙන් ගැහුවා. ඒ ගහන කොට මේ මිනිස්සුන්ට ආරක්ෂාව දුන්නේ නැහැ කවුරුවත්. මේක ආණ්ඩුව කරපු වැඩක්,” යනුවෙන්ද ඔහු පැවසීය.

“අපේ ගෙදරට ඇවිල්ලා ගහන කොට අපි නම් මරා ගෙන කනවා. මේ මිනිස්සු ඉවසුවා වැඩියි ඇත්තටම. මේ ගෙවල් දොරවල් ගිනි තියලා තියෙද්දිත් මේ අම්මල හිනා වෙලා අපට තේ එකක් දෙන්න අහනවා. අපේ මිනිසුන්ට මෙහෙම ගැහුව නම් ඒ මිනිසුන්ගේ කෑල්ලක් ඉතුරු කරන්නේ නැහැ,” යනුවෙන්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම සිද්ධියට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

“ආණ්ඩුවේ හිටපු සභාපතිවරයෙක්, වර්තමාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා මේ මිනිස්සු ඍජුවම කියනවා. ඇමතිවරුන්ට ඇවිල්ලා ආරක්ෂාව දෙන්න තිබ්බනේ? පොලිසියත් එක්ක ඉන්න තිබ්බනේ? මම මහා රෑ තනියම ඇවිල්ලා පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකගේ එළු ෆාම් එක හා එළුවෝ 3000 බේරා ගත්තා,” යනුවෙන්ද තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරුන් කිසිවෙකුත් ගැටුමට මැදි වූ පුද්ගලයන් බේරා ගැනීමට නො පැමිණි බවත් මන්ත්‍රීවරයා පවසයි.

“පොලිසියට කතා කළා, පැත්ත පළාතේ ආවේ නැහැ. වැලිපැන්නේ කඩ ගිනි තිබ්බේ පොලිසිය ඉස්සරහ. මතුගම සිංහල කට්ටිය මංකොල්ල කෑවේ පොලිසිය ඉස්සරහ. මේවයේ වගකීම ආණ්ඩුවේ ඇමතිවරු බාර ගන්න ඕනෙ.”

15 වනදා රාත්‍රියේ වැලිපැන්නේ මුස්ලිම් මරණයක් සිදු වූ අතර, මරණයට පත් පුද්ගලයාගේ මව සහෝදරිය ඇතුළු ඥාතීන් පිරිසක් අලුත්ගම සිට වැලිපැන්නට පැමිණීමට තමන්ගෙන් උදව් ඉල්ලා සිටි බැවින් තමන් එහි ගොස් ඔවුන් රැගෙන ආ අවස්ථාවේ තමන් පහර කෑමට ලක් වූ බවයි, ඔහු කියා සිටියේ.

“පොලිසියේ 500ක් විතර පාරේ දෙපැත්තේ හිටියා. මම ගිහිල්ල ඒ කට්ටිය අරගෙන එන කොට සිංහල කට්ටිය, අර ඥානසාරගේ ආගමේ කට්ටිය ගැහුවේ. වාහනේ හිටියා අත දරුවෝ 5ක්, ගැබිනි මව් වරු දෙදෙනෙක් ඇතුළු 16ක්. මමයි එලෙව්වේ, මම වාහනේ පුළුවන් තරම් හයියෙන් එලවගෙන කඩා ගෙන ඉස්සරහට අවා, එනකොට කිලෝ මීටරයක් විතර දෙපැත්තේ ඉඳන් ගැහුවා,” ඔහු පැවසීය.

“වැලි බෝතල්, පෙට්‍රල් බෝතල්, දෙකේ දෙකේ පොලු, කළු ගල්, වලින් ගුටි කාගෙනයි ආවේ.”

මෙම ප්‍රහාරය නිසා වහනයේ සිටි මාස නමයක අත දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබූ බව ද මන්ත්‍රීවරයා පවසයි.

මෙම සිද්ධි සැලසුම් කළ ඒවා බව කියා සිටි මන්ත්‍රීවරයා සියලු සිද්ධි වලට මුල් වූ බව පවසන, සතියකට පමණ පෙර දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයකු විසින් භික්ෂූන් වහන්සේ කෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්පුර්ණ අසත්‍යයක් බව තවදුරටත් පවසයි.

“මම ගිහිල්ලා ‘X-RAY’ කාමරේ මහතාගෙනුත් ඇහුවා. එයා කිව්වා නැහැ මන්ත්‍රීතුමා හාමුදුරුවන්ගේ අතට මොකුත් වෙලා නැහැ කියලා. මම බය නැතුව කියනවා මටත් හෙට අනිද්දා ගහයි, ගෙට ගිනි තියයි, වටරැක හාමුදුරුවන්ට කළා වගේ මටත් කරයි. එහෙම මැරෙන එක සාධාරණයි මේවා බලා ගෙන ගොළුවෝ වගේ ඉන්නේ නැතුව. ඡන්ද බලන්නේ නැතුව මෙහෙම කෙළින් කතා කරලා මැරෙන එක සැපයි.”

ගැටුම්වලින් විනාශ වූ ප්‍රදේශවල සිකුරාදා සංචාරය කළ බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

- BBC

http://lankacnews.com/sinhala/news/117752/

 

පානදුර ගින්න නිවන්න වතුරත් මදි වේ

පානදුර රෝහල අසල පිහිටි දැවැන්ත රෙදිපිලි ආයතනයේ ගින්න නිවීමට කොළඹ, කළුතර හා හොරණින් ගිනි නිමන රථ පැමිණියත් ජල හිඟයක් ඇතැයි දැනගන්නට ඇත.

ගින්න තවමත් ඇවිලෙමින් පවතී.

ගින්න හට ගනිද්දී සාප්පුවේ සිටි සිව් දෙනෙකු එළියට පැන බේරී ඇතැයි දැනගන්නට ඇත.

(ඡායාරූප සිරි මහ බෙල්ලන)

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

http://www.lankadeepa.lk/index.php/top_story/244048

   

පානදුරේ ගොඩනැගිල්ලම ඉවරයි

2014 ජූනි මස 21 05:51:09 | . , සිරි මහ බෙල්ලන, බිමල් ශ්‍යාමන් ජයසිංහ

පානදුර රෙදිපිලි ආයතනයේ ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් අද අළුයම 3.15 සිට දෙපැයකට වැඩි කාලයක් මහත් සටනක් කළේය.

ඔවුන් මුහුණ පෑ එක් ප්‍රශ්ණයක් වී තිබුනේ ගෙන ආ වතුර ගින්න නිවිමට මදි විමයි.

අද උදෙ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොසිනි.

http://www.lankadeepa.lk/index.php/top_story/244066

 

 


 

පොලීසිය කියන්නේ බොරු.. දර්ගා නගරයේදී භික්ෂූන් වහන්සේ නමකට පහර දී නෑ..

User Rating: / 4
PoorBest 

June 20, 2014 at 10:14 am | lanka C news

පසුගියදා අලූත්ගම දර්ගා නගරයේදී භික්‍ෂුන් වහන්සේ නමක් රියදුරාත් සමග වාහනයෙන් යද්දී මුස්ලිම් තරුණයන් කිහිපදෙනෙකු සමග යම් සිද්ධියක් සිදුවුවත්, එහිදී ස්වාමීන් වහන්සේ නමකට පහරදීමක් සිදුවී නොමැති බවත්, එහෙත් භික්ෂූන් වහන්සේ නමකට පහරදුන් බවට පොලීසිය අසත්‍ය ප‍්‍රකාශයක් සිදු කරන බවත්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රාවුෆ් හකීම් මහතා සදහන් කරයි.

දරුණු ත‍්‍රස්තවාදය පරාජය කළ රජයකට අලූත්ගම හා ඒ අවට ප‍්‍රදේශවල ඇති වූ සිද්ධීන් පාලනය කිරීමට නොහැකි වූයේ රජය තුළ අදිසි හස්තයක් සැගව සිටීම නිසා බවට සැකයක් මතුවන බවද කී ඒ මහතා අලූත්ගමදී සිදු වූ සිද්ධියට සම්බන්ධ වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියාකළ යුතු බවත්, රජයත් සමග තම පැවැත්ම තීරණය වන්නේ ඒ අනුව බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/117720/

   

Page 180 of 213

Login Form