Friday, April 19, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

අලුත්ගම කැළඹීමට වගකිව යුත්තෝ කවුරු වුණත් අල්ලනවා -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

User Rating: / 1
PoorBest 

 

2014 ජුනි 15 04.40 p.m
Ajithඅලුත්ගම හා බේරුවල ප‍්‍රදේශ ආශිතව ඇතිවූ නොසන්සුන් තත්ත්වයට වගකිව යුතු සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. ඒ සඳහා එම නොසන්සුන් තත්ත්වයට අදාල වීඩියෝ
දර්ශන සහ ජායාරූපද යොදා ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
එම නොසන්සුන් තත්වයට මුල්වූ සහ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරතවූවන් ගැන තොරතුරු රැසක්ම මේ වන විට බුද්ධි අංශ සතුව ඇතිබව සඳහන්ය. ඊට අදාල පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යොදවා සිදුකිරීමට පොලිස්පතිවරයාගේ අවධානයද මේ වන විට යොමුවී අවසන්ය.
අලූත්ගම සහ බේරුවලට සඳුදා(15) සවස 6.00 පනවන ලද ඇදිරි නීතියතවදුරටත් ක්‍රියාත්මක අතර එය නැවත දැනුම් දෙනතුරු පවතින බව අජිත් රෝහණ මහතා කීය. එම ප‍්‍රදේශවල ආරක්‍ෂාව වෙනුවෙන් 5000 ක පොලිස් භට කණ්ඩායමක් යොදවා ඇති බවත් ඒ අය අතර විශේෂ කාර්ය බලකායද සිටින බවත් ඔහු කීය. පොලිසියට අමතරව යුද හමුදා යොදවා ඇති බවද ඔහු සදහන් කළේය.
ඇතිවූ නොසන්සුන් තත්වයෙන් දෙදෙනෙක් වෙඩි වැදීම්වලින් මිය ගොස් ඇති අතර 50 දෙනෛකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කඩ සාප්පු සහ නිවාස ද වාහනද විශාල ප‍්‍රමාණයක් ගිනි තැබීම් වලින් විණාශ වී තිබෙන බව පොලිසිය සදහන් කරයි. මේ අතර ජාතික සහ ආගමික සහජීවනය ඇති වන පරිදි කටයුතු කරන ලෙස රටේ සියලුපාර්ශවවලින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් ආචාර්යචරිත හේරත් මහතා පවසයි. විවිධ කටකතා සහ ආරංචි මගින් ජනතාව නොමග යැවීමට ගන්නා උත්සහයන් වැළැක්විය යුතුබවත් ඊයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව තොරතුරු පළ කිරීමේදී වඩාත් සැලකිලිමත් වනලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.

 

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=37460:2014-06-16-11-21-35&catid=42:2012-05-31-04-01-44&Itemid=90

 

US condemns violence in Aluthgama and Beruwela

User Rating: / 1
PoorBest 
E-mailPrint
U.S.  Embassy today condemned the violence that has spread over the weekend in Aluthgama and Beruwela.

Releasing a media statement the US Embassy in Colombo said “We urge the government to ensure that order is preserved and the lives of all citizens, places of worship, and property are protected.  We urge the authorities to investigate these attacks and bring those responsible to justice. We also urge all sides to refrain from violence, exercise restraint, and respect the rule of law.”
http://www.dailymirror.lk/news/48488-us-condemns-violence-in-aluthgama-and-beruwela.html
 

අවසන් කටයුතු වැලිපිටියේ

ධර්ගා නගරයේ ගැටුමෙන් මිය ගිය දෙදෙනකුගේ අවසන් කටයුතු  වැලිපිටිය සුසාන භූමියේදී සිදු විය.

නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තප්පා මහතා ද එහි පැමිණ සිටියේය.

http://www.lankadeepa.lk/index.php/articles/242572

   

ඇමැති හකීම් පරීක්ෂණයක් ඉල්ලයි

User Rating: / 1
PoorBest 

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක ආහුෆ් හකීම් මහතා කියයි.

නීතිය හා සාමය බිඳ වැටීම ගැන පොලිසියත් අදාළ අංශත් වගකීම භාර ගත යුතුයි. මෙම සිදුවීමට පෙර පොලිසියේ උසස් නිලධරයන් ඒ පළාතට පැමිණ තිබෙනවා. මේ සිද්ධිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් ඕනෑ. ජනතාවට උපරිම ආරක්ෂාව සලසා දීමේ වගකීම රජය ඉටු කළා දැයි ප්‍රශ්නයක් මතු වෙනවා. මේ රජයේ ඇමැතිවරයකු ලෙස මම ලැජ්ජා වෙනවා.

 

http://www.lankadeepa.lk/index.php/articles/242560

 

අයි පී ටත් තුවාලයි

අලුත්ගම ධර්ගා නගරයේ තුවාල ලැබු වැඩි දෙනා පොලු පහරට ලක් වී ඇතැයි  පොලීසිය කියයි.

තුවාලකරුවෝ 36 දෙනක් කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.

ඒ අතර පොලිස් පරීක්ෂකවරයෙක් උප පරීක්ෂකවරයෙක් , සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් වෙති.

මිය ගිය එක් පුද්ගලයකුගේ වයස අවුරුදු 38 කි. අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 30 කි.

 

http://www.lankadeepa.lk/index.php/articles/242556

 

   

Page 194 of 213

Login Form