Tuesday, 09 July 2013 13:52
පුවත්පත් නිවේදනය:
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය බුද්ධගයාවට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සැලකෙන්නා වූ සහ ලොව පුරා විසිරුණු බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකියි.
එම ප්‍රහාරය පිළිබඳව සන්ත්‍රාසයට පත් ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව ලෙස මෙම නිවට, බියගුළු ප්‍රහාරය පිළිබඳව තම කනගාටුව බෞද්ධ ජනතාව වෙත ප්‍රකාශ කරන අතර අසංවේදී පුද්ගලයන් සමහරකගේ නොහික්මුණු, අශෝභන ක්‍රියාවක් ලෙස මෙම ප්‍රහාරය හැඳින්වීමටද ශ්‍රී ලාංකිකයන් ලෙස අප නොපැකිලෙමු. බුද්ධගයාවේ පූජනීයතම ප්‍රදේශවලට වූ අලාභහානි ඉතා සුළු බව අසන්නට ලැබීමද අපට බලවත් සතුටකි. තුවාල සිදු වූ ස්වාමින් වහන්සේලා ඇතුළු සැදැහැවත් ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ත්‍රස්තවාදය කුමන ස්වරූපයෙන් පැමිණියද ඉවසිය නොයුත්තකි. එමෙන්ම ආගමික සිද්ධස්ථානවලට පහර දීමද, සාහසික ක්‍රියාවක් බව මධ්‍යස්ත මතධාරී පුද්ගලයන් පිළිගන්නවා ඇත. බුදු දහමේ ආරම්භය සහ පැවැත්ම සම්බන්ධයෙන් අතිශය වැදගත් ස්ථානයක් වන මහාබෝධි විහාරයට කළ මේ නින්දිත පහරදීම පිටුපස සිටින පුද්ගලයන් සොයා ඔවුනට දඬුවම් පැමිණවීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව වශයෙන් අප කලාපීය නායකයන්ගෙන් දැඩි ලෙසින් ඉල්ලා සිටින්නෙමු.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් සිවිල් සංවිධාන රැසක සහ මුස්ලිම් ඩයස්පෝරාව ඇතුළත් ජාලයකි.
N. M. අමීන්
Tuesday, 09 July 2013 13:02