Friday, April 19, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

හිජාස් පෙත්සම ඉල්ලා අස්කරගනී

User Rating: / 1
PoorBest 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස  ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම අද (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන  සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගැණිනි.

පෙත්සමෙන්  ඉල්ලා ඇති සහනයන්  ලැබීම  හේතුවෙන් පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබූ අතර ඒ අනුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.


සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය.

එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුනි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි නම් කරනු ලැබ සිටිති.

එසේම තමා  තවදුරටත් රදවා තබා ගැනීමට අදාළව ඉකුත් ජනවාරි මස 11 වැනිදා ලබා ගන්නා ලද රැදවුම් නියෝගය බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93/1-586551

 

Disappointed to see Govt. backing away from ending cremation policy: US

User Rating: / 1
PoorBest 

US Ambassador to Sri Lanka Alaina B Teplitz said she was disappointed to see that the Government and Prime Minister are backing away from ending discriminatory cremation policy.

She tweeted that “People, including loved ones recently passed away, deserve more respect for their rights from a democratic government”.

 

http://www.dailymirror.lk/breaking_news/Disappointed-to-see-Govt-backing-away-from-ending-cremation-policy-US/108-206094





 

Hizbullah and Madrasa School Principal remanded

User Rating: / 1
PoorBest 

Attorney-at-Law Hejaaz Hizbullah and Principal of Madrasa School Mohammed Shakeel were remanded till March 3 by the Fort Magistrate’s Court today.

The Attorney General yesterday directed the IGP to produce them in a relevant court under section 2 (1) (h) of the PTA and section 3(1) of the ICCPR Act.

 

http://www.dailymirror.lk/breaking_news/Hizbullah-and-Madrasa-School-Principal-remanded/108-206092

   

හිජාස් හිස්බුල්ලා කොටුව අධිකරණයට

User Rating: / 1
PoorBest 



(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග මත සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අද(18) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

හිස්බුල්ලා මහතා සමඟ අත්අඩංගුවට ගත් පුත්තලම, මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් මහතා ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7/1-586303

 

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 24 දා සළකා බලයි

User Rating: / 1
PoorBest 

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ රිට් පෙත්සම මෙම මස 24 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීරණය කළේය.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වුයැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන, මාස දහයක කාලයක් රැඳවුම් නියෝග රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී නීතිපති වරයාට වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර එය අධ්‍යයනය කළ යුතු බවයි.

එබැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට අවසර දීමට අධිකරණය තීරණය කලේය.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුගේ විමර්ශන දැනය අවසන් කර ඇති බැවින් ඔහු රදවා තබා ගැනීමේ අවශ්යමතාවයක් නොමැති බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඤින් පෙත්සම්කරු සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බව අධිකරණයටද දැනුම් දී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්ය  සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B7%92%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A-%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8-24-%E0%B6%AF%E0%B7%8F-%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-586190

   

Page 7 of 147

Login Form