Friday, June 05, 2020
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

Invocation against ENEMY

User Rating: / 1
PoorBest 

131. Allaahumma munzilal-kitaabi, saree'al-hisaabi, ihzimil-'ahzaaba, Allaahumma ihzimhum wa zalzilhum.

Allah, Revealer of the Book, Swift to account , defeat the groups (of disbelievers) . O Allah , defeat them and shake them.

Reference: Muslim 3/1362.

 

දිගන ගිනිගත් නිවසක මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

දිගන ගිනිගත් නිවසක
මුස්ලිම් තරුණයෙකුගේ මළ සිරුරක්

ඊයේ මහනුවර දිගන කලහකාරී සිදුවීමක් ඇතිවූ ප‍්‍රදේශයේ ගින්නට හසු වූ නිවසක තිබූ මළ සිරුරක් හමු වී
තිබේ.
28 හැවිරිදි අබ්දුල් බාස්ත් නම්


තරුණයෙකු මෙසේ මිය ගොස් ඇති අතර මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වෙයි.
මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ප‍්‍රදේශයට යවා ඇත.මේ වන විට දිගන යළි ඇදිරි නීතිය සහ රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මියගිය
තරුණයාගේ සිරුර නිවැසියන්ට හමුවන අවස්ථාවේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි
එය පහතින්

https://www.facebook.com/Diganariots/videos/2090791357605279/?t=46

 

http://www.gossiplankanews.com/2018/03/digana-muslim.html

 

රට තුළ හදිසි නීතිය දින 10ක්

රට තුළ හදිසි නීතිය දින 10ක්


 

අජන්ත කුමාර අගලකඩ

රට තුළ හදිසි නිතිය දින 10කට පැනවීමට  කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අදාල ගැසට් නිවේදනය අද (6) නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.

තෙල්දෙනිය හා අම්පාර සිද්ධි පදනම් කර  ගනිමින් කලකෝලාහල තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රට තුළ ජාතිවාදය ඇතිවන ආකාරයෙන් වෙබ් අඩවි ඔස්සේ ගෙන යන වැරදි ප්‍රකාශයන් සම්බන්ධයෙන් පියවර  ගැනීමටද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව ඔහු කීවේය.

 

http://www.lankadeepa.lk/top_story/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1-10%E0%B6%9A%E0%B7%8A/10-525166

 

   

Live From Parliment

User Rating: / 1
PoorBest 

https://www.facebook.com/dailyceylon/videos/1733363143390862/?t=2160

 

තෙල්දෙණිය සන්සුන් කරන්න මහනුවරට පොලිස්‌ ඇදිරි නීතිය

p1 1තෙල්දෙණිය ප්‍රදේශයේ දී දෙපිරිසක්‌ අතර ඊයේ (05 වැනිදා) දහවල් ඇතිවූ ගැටුම්කාරී සිද්ධියක්‌ පාලනය කරගැනීම සඳහා ඊයේ පස්‌වරු 3.30 සිට අද (06 වැනිදා) පෙරවරු 6.00 දක්‌වා මහනුවර පරිපාලන දිස්‌ත්‍රික්‌කයට බල පැවැත්වෙන පරිදි පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය සඳහන් කරයි.

මෙම පොලිස්‌ ඇඳිරි නීතිය පැනවීම නිසා අද මහනුවර දිස්‌ත්‍රික්‌කයේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන ඇමැති අකිල විරා- කාරියවසම් මහතා විසින් පියවර ගනු ලැබීය.

ඉකුත් පෙබරවාරි 22 වැනිදා ලොරි රථ රියෑදුරකු සහ ත්‍රිරෝද රථ රියෑදුරන් කිහිප දෙනකු අතර ඇතිවූ බහින්බස්‌ වීමක්‌ දුර දිග යාමෙන් එම දෙපිරිස අතර ගැටුමක්‌ ඇතිව තිබේ. එම ගැටුමේදී තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ පදිංචි දෙදරු පියකු වන හතළිස්‌ එක්‌ හැවිරිදි එම්. ජී. කුමාරසිංහ මහතා බරපතළ තුවාල ලබා තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත. හෙතෙම ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 2 දා මියගිය බව තෙල්දෙණිය පොලිසිය පවසයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් උරණ වූ පිරිසක්‌ උඩිස්‌පත්තුව ප්‍රදේශයේ වෙළෙඳසල් 2 ක්‌ පෙරේදා (4 දා) රාත්‍රියේ ගිනිතබා ඇති බව පොලිසිය පවසයි. කුමාරසිංහ මහතාගේ අවසන් කටයුතු සිදු කළ ඊයේ (5 දා) සිද්ධියට අදාළ දෙපිරිස අතර යළි ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර එය සමනය කිරීමට ඊයේ රාත්‍රි පොලිස්‌ විශේෂ කාර්ය බළකා සෙබළු යොදවා තැබීමට ද කටයුතු යොදා තිබිණි.

වෙළෙඳසල් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පුද්ගලයන් 24 දෙනකු තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිගන ප්‍රදේශයේ වෙළෙඳසල් 27 කට අධික සංඛ්‍යාවක්‌ ඊයේ දහවල් කඩා බිඳ දමා කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ලකළ ද පිරිස පෙරළා පොලිසියට පහරදීමට උත්සාහ කර තිබේ. තත්ත්වය බරපතළ වූ බැවින් පොලිස්‌ ඇඳිරි නීතිය පැනවූ බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය පවසයි.

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර, තෙල්දෙණිය ගාමිණි පුටුහපුව, උඩිස්‌පත්තුව එස්‌. බණ්‌ඩාර

http://divaina.com/daily/index.php/main-news/8344-2018-03-05-15-36-51

   

Page 14 of 135

Login Form