Saturday, April 20, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

මහනුවර තත්ත්වය: පාසල් වැසේ, ජනපති ස්වාධීන පරීක්ෂණයක් නියෝග කරයි

මහනුවර තත්ත්වය: පාසල් වැසේ, ජනපති ස්වාධීන පරීක්ෂණයක් නියෝග කරයි

මහනුවර දිස්ත්‍රික්කයේ නොසන්සුන්බව

තෙල්දෙණියෙන් ආරම්භවී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

ප‍්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් සඳුදා (මාර්තු 05) දහවල් දිගන නගරයේ මුස්ලිම් වෙළෙඳසල් හා නිවාස කිහිපයකට ගිනිතබා විනාශ කර තිබුණි. මුස්ලිම් දේවස්ථානයකට ද පහර එල්ලවී ඇතැයි වාර්තා විය.

ඔවුන් විසුරුවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ද වාර්තාකරුවෝ පවසති.

තෙල්දෙණියකලහකාරීන්

අදාළ තත්ත්වය හේතුවෙන් මහනුවර දිගන හරහා මහියංගණ මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇනහිට තිබිණි.

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ ග්‍රාමයේ දෙදරු පියෙකු වන එම්ජී කුමාරසිංහට පෙබරවාරි අගභාගයේ දිනෙක තෙල්දෙණිය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළදී මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදෙන ලදුව මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (මාර්තු 02) මරණයට පත්විය.

එම සිද්ධියට විරෝධය දැක්වීමට ඉරිදා (මාර්තු 04) රාත්‍රියේ දේපළ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක මත පුද්ගලයින් 24 දෙනෙක් තෙල්දෙණිය පොලීසියේ අත්අඩංගුවට පත්වූහ.

එසේම පොලිසිය පවසා තිබුණේ මේ සිදුවීම්වලට මුල්වූ පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 4 දෙනෙකු ද බන්ධනාගාරගත කෙරුණු බවය.

මතුවූ තත්ත්වය හමුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

මේ අතර නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේ බාධාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසාත්, පවතින තත්ත්වය ප්‍රජාවන් අතර අර්බුදයක් බවට පත්නොවීම සඳහාත් පොලිසිය සීරුවෙන් තබා ඇති බවය.

 

http://www.bbc.com/sinhala/sri-lanka-43289967

 

Sri Lanka: Muslim shops, mosques targeted by Buddhist hardliners

Sri Lanka: Muslim shops, mosques targeted by Buddhist hardliners

Authorities set curfew to combat new wave of violence directed at the country's Muslim minority.

5 hours ago
Witnesses say recent clashes are reminiscent of 2014 attacks by hardline Buddhist nationalists [Eranga Jayawardena/AP]
Witnesses say recent clashes are reminiscent of 2014 attacks by hardline Buddhist nationalists [Eranga Jayawardena/AP]

Sri Lanka imposed a curfew in a central town popular with tourists after days of unrest between religious communities with a Buddhist man killed and Muslim businesses set ablaze.

Police said on Monday there had been riots and arson attacks since the weekend in Kandy district, while sources told Al Jazeera the violence was spreading throughout the South Asian island nation.

"The curfew was imposed to control the situation in the area," said police spokesman Ruwan Gunasekera.

Police officers were placed on heightened alert in Kandy to ensure the "situation does not spiral into inter-communal conflagration", the government said in a statement.

Mobs set fire to Muslim-owned businesses and attacked a mosque in the east of the country.

Local officials said more than two dozen suspects had been detained by police in connection with the spate of arson attacks, while senior officers also launched an investigation into the conduct of police.

Rajith Keerthi Tennakoon, executive director of the Centre for Human Rights Sri Lanka, condemned the "unfathomable police inefficiency" that he said led to the violence.

"Social media pages rallied Sinhalese mobs to assemble in Teldeniya town at 10am. At 11am, there was a proclivity for violent confrontations to take place as mobs gathered. The destruction of Muslim properties started taking place from around 1pm," Tennakoon told Al Jazeera.

The violence worsened after a man from the island's mainly Buddhist Sinhalese majority died from injuries sustained during a riot.

Kandy is the latest region to be plagued by religious and ethnic conflict in Sri Lanka, a nation of 21 million people.

View image on TwitterView image on TwitterView image on TwitterView image on Twitter

For 30 years you witnessed your streets run red with the blood of your children. Have you forgotten the loss? The fear? The pain? The suffering? Have you learned nothing? When will you see reason? When will you act?

Najah Mohamed, secretary of the National Front for Good Governance party in Sri Lanka,  told Al Jazeera attacks are spreading all over the country, not just in Kandy.

"We are facing the same situation that we had experienced with the previous government with tension, hate, and violence against Muslims are rampant especially where they are a dispersed community,” said Mohamed.

Religious and ethnic violence can turn deadly in Sri Lanka, where Muslims account for 10 percent of the population and Buddhists Sinhalese make up nearly 75 percent.

Some observers blame the hardline Bodu Bala Sena (BBS) group for the ongoing violence.

"The violent BBS mobs manipulated the situation to fuel attacks against Muslims in an unprecedented way and started attacking people. In the afternoon the police and curfew were here, but there are still rising underreported incidents taking place,” Mohamed said.

Religious violence is not new to the island. An anti-Muslim campaign was launched following the deadly Aluthgama riots in June 2014.

President Maithripala Siresena had vowed to investigate anti-Muslim crimes after assuming power in 2015, but no significant progress has been reported.

Tasnim Nazeer and Raashid Riza contributed to this report

https://www.aljazeera.com/news/2018/03/sri-lanka-muslim-shops-mosques-targeted-buddhist-hardliners-180305165900594.html

 

තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට

User Rating: / 1
PoorBest 

තෙල්දෙණිය ගිනිතැබූ 24 ක් අත්අඩංගුවට


(වාර්තා සැපයීම :   චමල් රූපසිංහ, ඉන්දිකා රාමනායක, ජේ.ඒ.එල්. ජයසිංහ සහ   ඒ.ජී. වික‍්‍රමසිංහ )

තෙල්දෙණිය මැද මහනුවර අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප‍්‍රහාරයකට ලක්වී මියයෑමේ සිද්ධිය මුල්කරගෙන තෙල්දෙණිය සහ අවට ප‍්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද දහවල් සිට හෙට (6) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මැරප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිය යෑමේ සිද්ධියට විරෝධය දක්වමින් සංවිධානාත්මක පිරිසක් තෙල්දෙණිය මැද මහනුවර සහ දිගන ප‍්‍රදේශවල වෙළෙඳසැල්වලට පහර දෙමින් රථවාහන  ධාවනයට බාධා වන අයුරින් ගල්මුල් ප‍්‍රහාර එල්ලකරමින් සාමය කඩවන අයුරින් නොසන්සුන්කාරි ලෙස හැසිරුනු අතර ඔහුන් පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර ඇඳිරි නීතිය පැනවූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද කීය.

‘ඉකුත් පෙබරවාරි මස 22 වැනිදා තෙල්දෙණිය නරගයේ දී ලොරි රථයක් ත‍්‍රිරෝද රථයක ගැටී ත‍්‍රිරොද රථයේ පැති කන්නාඩියක් බිඳීමේ සිද්ධියක් මුල්කරගෙන සිවු දෙනකුගෙන් සමන්විත පිරිසක් ලොරි රථයේ රියැදුරු වන අම්බාලේ පුවක්ගස් හන්දියේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියකු වන එච්.ජී. කුමාරසිංහ නමැත්තාට පහර දී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ කුමාරසිංහ නමැත්තා මහනුවර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 3 වැනිදා අලූයම මියගොස් තිබෙනවා.’

මේ පුද්ගලයාට පහර දුන් බව කියන සැකකරුවන් සිවුදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබ තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 7 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සැකකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර තිබිය දී සංවිධානාත්මක පිරිසක් ඊයේ (4) රාත‍්‍රී 9.30ට පමණ තෙල්දෙණිය මොරගහමුල හන්දියේ වෙළෙඳසල් කීපයකට පහර දී එවාට ගිනි තබා තිබූ බැවින් අතිරේක පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් පිරිස විසුරුවා හැර වෙළෙඳසල්වලට පහර දුන් පුද්ගලයන් 24 දෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.

පොලිස් සහ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කැඳවා තෙල්දෙණිය නගරයේ ආරක්ෂාව තර කළ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර අද පස්වරුවේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබිය දී පස්වරු 2.00ට පමණ සංවිධානාත්මක පිරිසක් දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටිය දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ලකර පිරිස විසුරුවා හැරිය බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

සංවිධානාත්මක පිරිස දිගන නගරයේ තැනින් තැන එක් රොක්වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවත් ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට ඇදිරිනීතිය පැනවීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ දිගන ප‍්‍රදේශයේ වෙළෙඳසල් කීපයකට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 24 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා පිරිසක් අද දහවල් තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවක යෙදී සිටි අතර, ඔවුන් මාර්ගයේ ටයර් පුළුස්සමින් පොලිසියට විරෝධය දක්වා නොසන්සුන්කාරී ලෙස හැසිරෙද්දී ජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරිය බව පොලිසිය කියයි.

ලොරියේ රියැදුරුගේ මරණය පිළිබඳ විරෝධය පළ කරමින් දිගන, මැණික්හින්න, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර සහ කෙන්ගල්ල යන ප‍්‍රදේශවල කඩසාප්පු වසා සුදු කොඩි ඔසවා තිබිණි.

මහනුවර දිගන හරහා මහියංගනය මාර්ගයේ බස් ඇතුළු වාහන ගමනාගමනය ද අද දිනයේ ඇනහිට තිබිණි.

මියගිය පුද්ගලයාගේ සිරුර රැගෙන දිගන නගරයේ විරෝධතාවක නිරතවීමට පිරිසක් උත්සාහ ගෙන තිබූ අතර, ඒ බව සැලවීමත් සමග පොලිසිය ඒ පිළිබඳව තෙල්දෙණිය අධිකරණයට කරුණු වාර්තා කොට එම විරෝධතාව වළක්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. මේ අතර මියගිය තැනැත්තාගේ දේහය භූමදාන කිරීම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද පස්වරු 3.00 ට පමණ අම්බාලේ සුසාන භූමියේ දී සිදු කෙරිණි.

කලහකාරී පිරිස එල්ල කළ ප‍්‍රහාරවලින් තෙල්දෙණිය දිගන, උඩිස්පත්තුව, මොරගහමුල ආදී ප‍්‍රදේශවල කඩසාප්පු කීපයකට අලාභහානි සිදුවී තිබූ අතර, තුවාල ලැබූ පුද්ගලයන් කීපදෙනකු රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් දේපළවලට පහරදුන් පුද්ගලයන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පොලිසිය කියයි. තෙල්දෙණිය සහ දිගන ඇතුළු ප‍්‍රදේශයේ ආරක්ෂාවට අද සවස් වනවිට පොලිසියේ විශේෂකාර්ය බළකායේ සහ යුද හමුදාවේ 500කට අධික පිරිසක් යොදවා තිබිණි.

 

 

http://www.lankadeepa.lk/top_story/%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-24-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/10-525145

   

Tense situ in Teldeniya over death of assault victim

User Rating: / 1
PoorBest 

A tense situation was reported today in Teldeniya after a death of a 41-year-old man due to an attack by a group of people who had come in a three-wheeler.

The man who was receiving treatment at the Kandy Teaching Hospital for a week had succumbed to his injuries last Saturday.

The victim, M.G. Kumarasinghe, a resident of Ambala in Medamahanuwara had been attacked by a group of people in Teldeniya Town over an incident involving two vehicles.

The assailants who were residents of Ambagahalanda, Digana were arrested by the police and a three-wheeler was taken into custody.

It was reported that the people in Digana, Teldeniya, Udispattuwa and Medamahanuwara had launched a Hartal in protest of the attack.

Angry crowds had set two shops on fire in Moragahamula and police and STF teams had been deployed in the area to bring the situation under control.

Twenty-four people who had resorted to violence had been arrested by the Teldeniya police. (J.A.L. Jayasinghe)

 

https://youtu.be/nJZW-ZkUdFo

 

Video by Chamil Rupasinghe

 

http://www.dailymirror.lk/article/Tense-situ-in-Teldeniya-over-death-of-assault-victim-146768.html

 

Tense situ in Teldeniya over death of assault victim

User Rating: / 1
PoorBest 

A tense situation was reported today in Teldeniya after a death of a 41-year-old man due to an attack by a group of people who had come in a three-wheeler.

The man who was receiving treatment at the Kandy Teaching Hospital for a week had succumbed to his injuries last Saturday.

The victim, M.G. Kumarasinghe, a resident of Ambala in Medamahanuwara had been attacked by a group of people in Teldeniya Town over an incident involving two vehicles.

The assailants who were residents of Ambagahalanda, Digana were arrested by the police and a three-wheeler was taken into custody.

It was reported that the people in Digana, Teldeniya, Udispattuwa and Medamahanuwara had launched a Hartal in protest of the attack.

Angry crowds had set two shops on fire in Moragahamula and police and STF teams had been deployed in the area to bring the situation under control.

Twenty-four people who had resorted to violence had been arrested by the Teldeniya police. (J.A.L. Jayasinghe)

 

https://youtu.be/nJZW-ZkUdFo

 

Video by Chamil Rupasinghe

 

http://www.dailymirror.lk/article/Tense-situ-in-Teldeniya-over-death-of-assault-victim-146768.html

   

Page 27 of 147

Login Form