Tuesday, April 16, 2024
   
Text Size
Select a news topic from the list below, then select a news article to read.

I respond to Gnanasara Thera because he is a politician: Dilan

The reason for responding to Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagodaaththe Gnanasara Thera was that he was considered a political leader, SLFP Spokesman and Minister Dilan Perera said. “I was not talking about the Asgiriya Chapter but about a political party. Ven. Gnanasara Thera was in a political party and contested the 2015 Parliamentary Elections but failed. I respect Buddhist monks” he said while addressing the media during the SLFP media briefing at the party headquarters today. When a political issue was raised by a Buddhist monk, who was in a political party, I should respond on the political issue. I have never insulted Ven. Gnanasara Thera But he insulted me reminding all animals except the lion. But I did not respond out of compassion. “I have no hard feelings against the Asgiriya Chapter and my stance over Ven. Gnanasara Thera also remains the same,” Minister Perera said. (Chaturanga Pradeep)

 

http://www.dailymirror.lk/article/I-respond-to-Gnanasara-Thera-because-he-is-a-politician-Dilan-131439.html

 

"ජාතීන් අතර විරසක ඇති කිරීමේ පාඨ ඇතුළත් පුවත්පත් හමු වෙයි"

සංරක්ෂිත ඡායාරූපයක්Image copyrightGETTY IMAGESImage captionසංරක්ෂිත ඡායාරූපයක්

කුරුණෑගල මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල කළ බවට සැක පිට බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකුට අයත් කඩ කාමරයක තිබී ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ පාඨ ඇතුළත් පුවත්පත් සහ පෝස්ටර් තොගයක් හමු වූ බව පොලිසිය පවසයි.

වැල්ලව පාරේ පිහිටි ඉහත කී කඩකාමරය බ්‍රහස්පතින්දා (ජුනි 15) පරීක්ෂා කිරීමේදී සිංහලේ ජාතික පුවත්පතේ පිටපත් ඇතුළු පුවත්පත් සහ පෝස්ටර් හමු වූ බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම පුවත්පත් සහ පෝස්ටර් කුරුණෑගල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය 21 වෙනිදා අලුයම මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ජුනි 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවත් පොලිසිය පවසයි.

 

ඥානසාර හිමි කොහේද?

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.Image captionඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් නොවීම සමාජ කතිකාවක් බවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබියදී සිතාමතාම සැඟවී සිටින සැකකරුවකුට "චේතනාන්විතව" රැකවරණ සහ පහසුකම් සලසන්නේ නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසිය කළ විමසීමක දී අදහස් දක්වමින්, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත්නොවී සැඟවී සිටින අතර උන්වහන්සේට රැකවරණ සැපයීම රටේ උත්තරීතර ආයතනය වන 'අධිකරණයට සිදු කරනු ලබන අපහාසයක්' වන බව පෙන්වා දුන්නේය.

බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මේ සම්බන්ධයෙන් බීබීසියට අදහස් දක්වමින්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජීවිත තර්ජන එල්ල වෙමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇති බවත් කියා සිටියි.

එහෙත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ වී නොමැති බවත් ඩිලන්ත විතානගේ පවසයි.

"බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මරණ තර්ජන" යන තේමාව යටතේ පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති එම ලිපිය පසුව බීබීසිය වෙතත් යොමු කර ඇති අතර "බොදු බල සේනා මහ ලේකම් හිමි මරා දැමීමට කුමන්ත්‍රණ ඇති බවත් එයට පාදක කිරීම උදෙසා අන්‍යාගමික ස්ථාන වලට පහර දෙමින් ජාතිවාදී හා ආගම්වාදී කෝලාහාල ඇතිකර එමගින් මෙම ජීවිත තර්ජන සාධරණීකරණය කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී ඇති" බවත් එහි දැක්වේ.

ඒ ගැන පරීක්ෂා කොට එම හිමියන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන ලෙස බොදු බල සේනා සංවිධානය ඉහත කී ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිImage copyrightPRIYANTHA JAYAKODI FBImage captionපොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරනු ලැබීමේ වරදට බව පොලිසිය කියා සිටියි.

මිනී මැරුම්,මත්ද්‍රව්‍ය වැරදි හෝ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ සිටියදී අධිකරණය මඟ හරින දහස් ගණනක් සැකකරුවන් සිටිය දී " ජාතික දේශපාලන චරිතයක්" වන ඥානසාර හිමියන් පිටුපස ලුහු බැඳීම උන්වහන්සේ මුහුණ දී ඇති උවදුරේ ප්‍රමාණය පෙන්නුම් කරන බව මේ අතර බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ පවසයි.

එහෙත් උන්වහන්සේට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබ තිබෙන්නේ දේශපාලන කාරණා මත නොව රටේ සාමාන්‍ය නීතිය කඩ කොට අධිකරණය පැහැර හැර සිටීම නිසා බව පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දෙයි.

"ඥානසාර හිමියන් අධිකරණය පැහැර හරිමින් අධිකරණයට අපහාස කරමින් සිටිනවා. මෙම අධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙන්නේ පැමිණිලි දෙකක් මුල්කර ගනිමින්. එකක් කොළඹ 'නිපොන්' හෝටලයේ පැවැත්වුන මාධ්‍ය හමුවකට කඩා පනිමින් වටරැක විජිත හිමියන්ට මරණීය තර්ජන සිදු කිරීම.දෙවැන්න, මාධ්‍ය හමුවක් කැඳවමින් පළකළ ප්‍රකාශන මගින් ආගම්වලට අපහාස කරනු ලැබීම" නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට කියා සිටියේය.

විවිධ දේශපාලනඥයන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින තැන් පිළිබඳව විවිධ ප්‍රකාශන කරන බවත් උන්වහන්සේ රැඳී සිටින ස්ථානයක් තමන් නොදන්නා නමුත් අධිකරණයට ඉදිරිපත් නොවීමට ඇති නොහැකියාව සඳහන් කරමින් එම හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ කියා සිටියි.

ඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමිImage copyrightBBSImage captionඩිලන්ත විතානගේ සහ ඥානසාර හිමි

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ විද්‍යාව සහ තාක්ෂණ කටයුතු භාර හිටපු ඇමති ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ "එක්තරා ඇමතිවරයකු විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට රැකවරණ සපයන" බවක් එම ඇමතිවරයාගේ නම සඳහන් කරමින් කියා තිබුණි.

ඥානසාර හිමියන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් 'තවත් ඇමතිවරයකුගේ නමත්' කියැවෙමින් පවතින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරමින් "උන්වහන්සේට රැකවරණ සපයන්නේ තමන් නොව ආණ්ඩුව' යයි කියා සිටියේය.

 

http://www.bbc.com/sinhala/sri-lanka-40313628

   

පානදුර පල්ලියට ගැසූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

පානදුර එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සරසවි සිසුවකු අද (19)  කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව  පොලිසිය කියයි.
මෙම සැකකරු සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවෙක්  බවත් ඔහු නීතිඥවරයකු මාර්ගයෙන්   කොළඹ අපරාධ  විමර්ශන කොට්ඨාසයට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් වාර්තාවේ.
සැකකරු ඇතුළු පිරිසක් ඉකුත් මැයි 17 වැනිදා එළුවිල මුස්ලිම් පල්ලියට ප‍්‍රහාර එල්ල  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
එම පරීක්ෂණ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 දක්වා  රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
එම සැකකරුවන් පස්  දෙනා අතර භික්ෂුන් වහන්සේ නමක්,  පොලිස් කොස්තාපල්වරයෙක්,  මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු හා ද්‍රඩිඩ ජාතිකයෙක් සිටින බවද පොලිසිය කියයි.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/1-514116

 

පල්ලියට බෝම්බ ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනාවේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු අද (15) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කුරුණෑගල ‍පොලිස් ස්ථානයේ විමර්ශන කණ්ඩායමක් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලීසිය විමර්ශන කටයුතු පවත්වන අතර ඔවුන් දැනට ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව ගොස් ඇති බව ‍පොලීසිය පවසයි.
කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් කුරුණෑගල කොස්කැ‍ලේ ප්‍රදෙශයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට  ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියෙන් පසුව මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කමණී හෙට්ටිආරච්චි
http://www.lakbima.lk/index.php/2016-04-26-11-35-55/4842-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B7%9C%E0%B7%8A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96-%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
   

Page 31 of 147

Login Form