Monday, 15 February 2016 11:55
-
13 පෙබරවාරි 2016
රජයේ විකාශන බලපත්‍ර භාවිත කරමින් ජාති ආගම්වලට සහ සමාජයේ විවිධ ජන කොටස්වලට අපහාසයට ලක් කරන විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා බදුල්ලේ පැවති මාධ්‍යය හමුවක් අමතමින් ඒ බව කියා සිටියේ ජාතික දිනය වෙනුවෙන් පැවති සංස්කෘතික උළෙලේදී ඔපෙරා තාලයට 'දන්නෝ බුදුන්ගේ' ගීතය ගැයූ ගායිකාව දෙරණ රූපවාහිනී නාලිකාවේ 'නිවේදකයකු' විසින් බැළලියක ලෙස හඳුන්වනු ලැබීමේ සිද්ධිය හෙලා දකිමින්.
'විශේෂයෙන් විද්‍යුත් මාධ්‍යය, රූපවාහිනී හෝ වේවා ගුවන් විදුලිය හෝ වේවා ඒවා අයිති මේ සමාගම්වලට නෙවෙයි. ඒ විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. ඒවා අයිති ජනතාවටයි' අගමැතිවරයා සඳහන් කළේය.
ඉහත කී සිද්ධිය සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් ඔහු පැවසුවේය.
''අහනවා ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළාද?, මේ ගැන සමාව ගන්නවද නැද්ද කියලා අහනවා. ඉන් අනතුරුව ඉදිරිය සම්බන්ධයෙන් තීරණය කරනවා. රාජපක්ෂ පාලනය කාලේ වගේ මිනිස්සුන්ට බැන්න කාලේ ඉවරයි. දැන් ටිකක් හැදෙන්න, වගකීමක් ඇතුව වැඩ කරන්න''
'කාන්තාවන්ට නිසි තැන'
රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී යන ගමනදී රටේ සියලු දෙනාගේ අයිතිවාසිකම් ඇති කිරීමටත් සියලු දෙනාට ඔවුන්ට හිමි ගරුත්වය ලබා දීමටත් කටයුතු කර ඇති බව පැවැසූ අගමැතිවරයා ඒ හේතුවෙන් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ගොඩ නැගී ඇති බව කියා සිටියේය.
පළාත් පාලන ආයතනවල නියෝජනයෙන් 25% කාන්තාවන් වෙත ලබා දීමට කටයුතු කිරීමෙන් කාන්තාවන්ට නිසි තැන ලබා දීමේ පළමු පියවර තබා ඇති බවත් ඔහු සඳහන් කළේය.
''මේ රටේ කාන්තා ඡන්දදායකයන් ඉන්නවා 52%ක්. ඒත් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, පළාත් පාලන ආයතනවල නියෝජනය 5%යි''
කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ ඉහත කී යෝජනාව හිටපු ජනපතිවරයාට පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉඩ නොදී කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවත් අගමැතිවරයා පැවසුවේය.
'කාන්තාවන්ට උවමනා හඬ පාර්ලිමේන්තුවේ නැහැ. ගිය පාර්ලිමේන්තුවේ හිටියේ කාන්තාවන් හයයි රාජපක්ෂවරු හතයි.' අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Monday, 15 February 2016 11:48
නමුණුකුල යූ. බී. පල්ලේගෙදර, බදුල්ල - එස්. රත්නායක, හාලිඇල - වීරසිංහ, බෝගොඩ රත්නායක, මඩොල්සිම - කපිල ගුණවර්ධන
මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් බදුල්ලේදී පෙරේදා (13) පැවසීය.
මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව පැවැති සංස්‌කෘතික ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ගායිකාවගේ ගායනය බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කරමින් කළ ප්‍රකාශයක් පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කිරීම පිළිබඳව අදහස් දක්‌වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස් දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
''ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක් කෑ ගසනවා යෑයි පෞද්ගලික රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.
ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්‌ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්‌ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහ`ඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට බැල්ලියක් යෑයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා.
රාජපක්‌ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්‌කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්‌ටැඹිරාළලා ගණනාවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්යුත් මාධ්‍යයේ එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යෑයි බනින කණ්‌ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්‌ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්‌ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.
http://www.divaina.com/2016/02/15/news04.html