Saturday, June 29, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

Students nabbed over racist posts detained till March 22

User Rating: / 1
PoorBest 

Colombo Chief Magistrate today ordered to detain the two students who were arrested over social media posts till March 22 at the Youth Detention Centre at Makola.

They were arrested on Friday (9) and Saturday (10) by the Crime Investigation Department (CID) in Minuwangoda and Homagama.

CID is conducting further investigations. (Darshana Sanjeewa)

 

http://www.dailymirror.lk/article/Students-nabbed-over-racist-posts-detained-till-March--147097.html

 

මුස්ලිම් පල්ලියෙන් බෞද්ධ හිමිනමකගේ මාපියන්ට නිවසක්

User Rating: / 1
PoorBest 

(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව ජුම්මා  මුස්ලිම් පල්ලිය,  බෞද්ධ භික්ෂුන් වහන්සේ  නමකගේ මාපියන් වෙනුවෙන් නිවසක් ඉදි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී  මුදල් පරිත්‍යාගයක් කළේය.

කොලොන්නාව ජුම්මා පල්ලියේ අයි.වයි.එම්.අනීස් මෞලවි තුමන් විසින් පනාමුරේ විමල බුද්ධි හිමියන්ගේ මාපියන්ගේ නිවස ඉදි කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාගය කෙරිණි.

සේදවත්ත  වෙහෙරගොඩ  පුරාණ  විහාරස්ථානයේ  බෝධින්වහන්සේ වටා ඉදි කෙරුණු  රන් වැට විවෘත  කිරීම සහ අහිනව භික්ෂු නේවාසිකාගාරයට මුල් ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අවස්ථාවේදීමෙම පරිත්‍යාගය සිදු විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුයේ යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වුවද තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බවයි.

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදී මෙම පින්කම පැවැත්විණි.

ඡායාරූප :- ශාන්ත රත්නායක

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A--%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A--%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A/1-525452


 

භාෂණයේ නිදහසට මුවාවී තක්කඩි වැඩ කරලා - ඇමති දුමින්ද

User Rating: / 1
PoorBest 

(බිඟුන් මේනක ගමගේ )

ඇතැම් වෙබ් අඩවිකරුවන් තම නම ඈඳා බොරු පුවත් නිර්මාණය කර පසුව මාසිකව වෙළෙඳ දැන්වීම් ඉල්ලමින් සමාදාන වීමේ සදාචාර විරෝධී මාධ්‍ය භාවිතයක නියැලෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

භාෂණයේ හා  ප්‍රකාශනයේ නිදහසට මුවා වී මෙවැනි තක්කඩි වැඩ කිරීමට ඉඩ දිය නොහැකි බව කී හෙතෙම ආණ්ඩුව ඇති කළ මාධ්‍ය නිදහස අමු අමුවේ අවභාවිත කිරීම හෙළාදකින බව ද අවධාරණය කළේය.

සමාජ මාධ්‍ය ජාලා දිගින් දිගටම අවහිර කිරීමේ සූදානමක් රජයට නැති බවත් ජාතිවාදය අවුලවාලීමේ උපකරණයක් ලෙස එය භාවිත කරන්නන්ට එරෙහිව ඉදිරියේදී  තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් මහලේකම්වරයා පැවැසීය.

එක් පුද්ගලයකුගේ ප්‍රකාශනයේ හිමිකම වෙනුවෙන් වල් බූරු නිදහසකට ඉඩ දී දෙකෝටියකට අධික රටවැසියන්ගේ මූලික මානව අයිතිවාසිකම් අනතුරේ හෙලීමට රජයකට ඉඩ දිය නොහැකි බවද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැති දුමින්ද දිසානායක මහතා පැවැසීය.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7-%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%93-%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%92-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F---%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF/1-525459

   

ගිනි තැබූ කඩය දවසින් හදයි

User Rating: / 1
PoorBest 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව නගරයේ තිබූ ආපන ශලාවකට (11) අද අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි.

ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයින් හා ජනතාව අතර ඉතා හොඳ ලෙන්ගතු කමින් සිටි ව්‍යාපාරිකයකුගේ කඩයකට මෙලෙස ගිනි තබා තිබිණි.


එම ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටු කරමින් ආණමඩුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට උත්සහ කළ කඩාකප්පල් කාරින්ට පාඩමක් කියා දෙමින් ගිනි ගෙන විනාශ වූ ආපන ශාලාව යලි සකස් කර දීමට කටයුතු කටයුතු කර තිබුණි.

මෙම ගිනි ගැනීමෙන් අසල තිබූ දුරකථන වෙළෙඳ සැලකටත් බුලත් විට අලෙවි කරුවකුගේ කුඩා පෙට්ටි කීපයකටත් හානි වී තිබුණු අතර ඒවාද යලි පිළිසකර කිරීමට ව්‍යාපාරික සංගමය කටයුතු කළේය.

මේ කටයුතු සඳහා සිංහල , දෙමළ , මුස්ලිම්   සියලු දෙනාම එක්ව තම දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විය.

 

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92/1-525465

 

ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට

User Rating: / 1
PoorBest 

(ජුඩ් සමන්ත)

ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි.

ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන  විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

අත්අඩංගුවට ගෙන ඇති  සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත  අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.

සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

 

http://www.lankadeepa.lk/top_story/%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6-%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%94-%E0%B7%84%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7/10-525469

   

Page 41 of 213

Login Form