Tuesday, June 18, 2024
   
Text Size

Latest

The latest news from the Joomla! Team

"අප එක්ව මේ ගමන යා යුතුයි. කුඩා පිරිසක් තුළ තමයි මෙවැනි ප්‍රශ්න තිබෙන්නේ"

User Rating: / 1
PoorBest 

පල්ලිය වෙත වැඩම කළ බෞද්ධ හිමිවරු

Image captionල්ලිය වෙත වැඩම කළ භික්ෂුන් වහන්සේ

 

 

මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ආගම මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී සහජීවනයේ ඇති වැදගත්කම ලොවට කියනුවස් මුස්ලිම් පල්ලි වෙත වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිළිබඳ රත්මලානෙන් වාර්තා වේ.

පසුගිය දින කීපයක් තුළ මහනුවර දිස්ත්‍රිකයේ ඇතැම් ප්‍රදේශවලට අයත් මුස්ලිම් දේවස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ඇතුළු දේපළවලට කලහකාරී පිරිස් විසින් පහර දෙනු ලැබ තිබිණි.

එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් දෙදරු පියෙකුට පහර දෙනු ලැබීමෙන් අනතුරුව මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යාමත් සමගය.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කීපයක හටගත් එම වාතාවරණයත් සමග මුස්ලිම් ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා පැමිණ එහි රැය පහන් කළ භික්ෂූන්වහන්සේ සහ බෞද්ධ තරුණ කණ්ඩායම් පිළිබඳ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විය.

අද (මාර්තු 09) සිකුරාදා යාඥාව පැවැත්වෙන අවස්ථාවේ රත්මලානේ ජුම්මා පල්ලිය වෙත බෞද්ධ භික්ෂූන් වහන්සේ පස්නමක් වැඩම කළ බව එම පල්ලියේ දායක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන අහමඩ් රිසාන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථාන පහක නායක හිමිවරුන් විසින් යාඥා මෙහෙයෙන් පසු සහජීවනයේ ඇති වැදගත්කම පිළිබඳ දේශනයක් කළ බව අහමඩ් රිසාන් වැඩිදුරටත් සඳහන් කළේය.

 

"පන්සලටත් එන්න"
"ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් එක්රැස් නොවී මෙවැනි වැඩසටහන් අපි ඉදිරියටත් කරමු"

Image caption

 


මල්ලිකාරාම විහාරස්ථානය, අත්තිඩිය පාරේ පිහිටි ලංකාරාම විහාරස්ථානය, රත්මලාන බෝධිරුක්ඛාරම විහාරස්ථානය, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මන්දිරය, රත්මලාන රජමාවත විහාරස්ථානය යන බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් ඒ අතර වූහ.

"අප එක්ව මේ ගමන යා යුතුයි. කුඩා පිරිසක් තුළ තමයි මෙවැනි ප්‍රශ්න තිබෙන්නේ" යනුවෙන් එහිදී එම භික්ෂූන් වහන්සේ පැවසී යයි අහමඩ් රිසාන් කියා සිටියේය.

"අප මේ රටේ එකම පිරිසක් වශයෙන් ජීවත් විය යුතුයි. ශ්‍රී ලංකාව තුළ එකම ධජයක් යට අප සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් වශයෙන් ජීවත් වනවා. මම සිංහලයෙක් වෙන්නටය, මම මුස්ලිම් කෙනෙක් වන්නටය, මම දෙමළ කෙනෙක් වන්නටය කියලා අපි මේ ලෝකෙට ආවේ නැහැ," යනුවෙන් යාඥාවට එක් වූ බැතිමතුන් අමතා එක් නායක හිමිනමක් පැවසූහ.

ගැටුම් අතර දුටු මිනිසත්කම
සමගි ජාතීන් දෙක අතර හදිසි ගැටුමේ ඉතිහාසය
"ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් එක්රැස් නොවී මෙවැනි වැඩසටහන් අපි ඉදිරියටත් කරමු" යනුවෙන් නායක හිමිවරු එහිදී කියා සිටි බව සඳහන් කළ අහමඩ් රිසාන් රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවලට අයත් ජුම්මා පල්ලි හතරකට එසේ බෞද්ධ භික්ෂූන් වහන්සේ වැඩම කළ බව ද පැවසීය.

"පෝය දින ඇතුළු පන්සලේ පැවැත්වෙන වැඩසටහන්වලදීත් මේ පිළිබඳ දැනුවත් කරනවා කියලා නායක හාමුදුරුවරු කිව්වා. පන්සලේ විශේෂ අවස්ථාවලට අපටත් සහභාගී වෙන්න කිව්වා."

සහජීවනය වෙනුවෙන් ලබන සතියේ සාම පා ගමනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ඇතුළු සර්ව ආගමික නායකයන් සහභාගී වනු ඇති බවත් අහමඩ් රිසාන් වැඩිදුරටත් සඳහන් කළේය

අවිස්සාවේල්ල සහ ගෙලිඔය


මුස්ලිම් පල්ලියක ආරක්ෂාව වෙනුවෙන් වැඩම කළ අවිසාවේල්ල ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක්
mage caption

 

මේ අතර අවිසාවේල්ල ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක් මුස්ලිම් දේවස්ථානයක ආරක්ෂාව වෙනුවෙන් එහි පැමිණ ඇත.

දිගන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට ගිනිතැබීම හේතුවෙන් ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක සිකුරාදා යාඥාව සිදු කර ඇති අතර ආගමික වතාවත් ඉටු කිරීම සඳහා සිංහල ප්‍රජාවගේ සහාය හිමි වූ බව වාර්තා වේ.

ගෙලිඔය බෞද්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිංහල ප්‍රජාව එක්ව අදාළ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ඇතුළු ඔවුන්ගේ දෙපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගතවූ බවට ද තොරතුරු වාර්තා විය.

http://www.bbc.com/sinhala/sri-lanka-43345001

 

 

 

 

 

ගිනි තැබූ 'මදීනා' හෝටලය දවසින් යළි ඉදි කෙරෙයි

User Rating: / 1
PoorBest 
මදීනා හෝටලය විනාශ කර දමා ඇති ආකාරයImage captionමදීනා හෝටලය විනාශ කර දමා ඇති ආකාරය

අන්තවාදීන් කීපදෙනකු විසින් අද අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව 'මදීනා' හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.

ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ.

මුස්ලිම් විරෝධී ප්‍රහාර: "සිංහල අපිට ලැජ්ජයි"

ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"රාත්‍රී හතට පෙර අපි මේ ආපන ශාලාව නැවත විවෘත කරනවා. ආනමඩුව නගරයේ තියෙන එකම මුස්ලිම් හෝටලය මෙයයි. අපි හැමදාම සාමයෙන් ජීවත් වූ පිරිසක්," එම මෙහෙයුමට එක්ව සිටි පුද්ගලයෙක් පැවසීය.

යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයිImage captionයතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙයි

ගින්න නිවා දමා හෝටලය කලින් පැවති අයුරින් සකස් කිරීමට පියවර ගත් ඔවුහු පස්වරු පහ පමණ විට විනාශයෙන් සියයට හැත්තෑපහකට වැඩි වැඩ කොටසක් නිම කිරීමට සමත් වූහ.

ප්‍ර‍හාරයට පැමිණි යතුරුපැදි කරුවන් ගේ දර්ශන සීසීටීවී කැමරාවන්ගේ සටහන් වී ඇති බව ද තහවුරු නොකළ ආරංචි මාර්ග දක්වයි.

ගින්නෙන් ඇති වූ අලාභය ස්ථිර වශයෙන් තක්සේරු කර නොමැති බව හෝටල් හිමිකරු ප්‍රකාශ කළත්, බැලූ බැල්මට රුපියල් ලක්ෂ පනහකට ආසන්න අලාභයක් සිදුව ඇති බවක් එම අලාභය දුටු පුද්ගලයෝ පවසති.

එම ස්ථානයට රැස් වූ සියලු ජන කොටස්වල මැදිහත්වීමෙන් 'ආනමඩුව වෙළෙඳ සංගමය' විසින් එක දිනක් ඇතුළත හෝටලය යථා තත්වයට පත්කරනු ලැබීම බොහෝ දෙනාගේ විශ්මයට හේතු විය.

අළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.Image captionඅළුයම 2.15 ට පමණ හෝටලයට ගිනිතබා ඇත්තේ හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් යයි සැළකෙයි.

හෝටලයට ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දීමට ක්‍රියා කරන බවත් එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේය.

තවත් පුවත්;

http://www.bbc.com/sinhala/sri-lanka-43364411

 

Police urge public to complain over property damages

User Rating: / 1
PoorBest 

Police Media Spokesman SP Ruwan Gunasekara today requested the public in Kandy Administrative District to come out with necessary particulars and evidence to lodge complaints in the nearest police station whose property had been vandalized recently due to violence incidents.

Although severe damages were occurred to shops and places of religious worships following the recent violence incidents, the damages were not yet estimated. (Thilanka Kanakarathna)

 

http://www.dailymirror.lk/article/Police-urge-public-to-complain-over-property-damages-147102.html

   

A total of 230 arrested in recent violent acts

User Rating: / 1
PoorBest 

A total of 230 suspects have been taken into custody as of today in connection with the recent violence incidents island widely, Police Media Spokesman SP Ruwan Gunasekara said today.

He said among the arrested there are 161 suspects taken into custody within the Kandy Administrative District.
The rest 69 suspects were taken in to custody from several other districts.
SP Ruwan Gunasekara said Police is in the process of filing charges against these suspects. (Thilanka Kanakarathna)

 

http://www.dailymirror.lk/article/-A-total-of-arrested-in-recent-violent-acts-147103.html

 

Speaker warns of Middle-eastern repercussions

User Rating: / 1
PoorBest 

Speaker Karu Jayasuriya yesterday warned of a possible repercussion on the employment opportunities for Sri Lankans in Middle- East countries if the racially motivated attacks against certain communities continued.

Addressing a gathering of ministers, parliament members, religious leaders and businessmen of all three communities at the Central Province Governor's office in Kandy, Mr. Jayasuriya stated that leaders of certain countries have been hurt by the violent incidents in the Kandy District.

"A large number of Sri Lankans are working in Middle East countries. If the leaders of those countries after being hurt over a certain community here being threatened, take steps to send back the Sri Lankans, it would affect the country in a big way" the Speaker warned after inspecting the situation in the areas where attacks on Muslim houses, businesses and mosques had taken place last week .

He pointed out that the riots had already taken a heavy toll on the tourism industry while a UN official visited the country to express the concern of the world body. He lamented that the situation tarnished the image of the country seriously.

Denouncing extremism and racism as a threat to all communities, the Speaker observed that no country could progress if these social maladies are condoned. "Countries have perished due to racism and extremism. We must ensure that there won't be a recurrence of the incidents that took place in Ampara and Kandy" he asserted.

Public Administration, Law and Order Minister Ranjith Madduma Bandara who attributed the spread of the violence to the false and slanderous social media propaganda stated that stern action would be taken against those responsible for the situation that defamed the country's image.

While the Secretary of the Muslim Traders Association A.C.M. Rahuman expressed displeasure over the conduct of the authorities responsible for the security of the area, Maulavi Fasrul Rahman bemoaned his community was hurt by the insults hurled against them. "We are not importing Arab culture here" he said and urged that those responsible for the mayhem be punished while compensation must be paid for the damages. (J.A.L. Jayasinghe, Chandana Uduwawala and Sisira Kumara)

Recommended Articles

 

http://www.dailymirror.lk/article/Speaker-warns-of-Middle-eastern-repercussions-147108.html

   

Page 40 of 213

Login Form